ස්වාධීන අභිචෝදක කාර්යාලය පිහිටුවීමේදී නීතිපතිවරයා හෝ නීතිපති දෙපාර්තුමේන්තුව අහෝසි නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
අද (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුව විසින් ජාතික ජනබලවේගය පක්ෂයේ දේශපාලන පොරොන්දුවක් ඉටුකිරීමක් ලෙස අධිකරණ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විසින් මේ බව පසුගියදා අනාවරණය කළ අතර ඒ සමඟ මේ පිළිබඳව සමාජයේ අවධානය යොමුවිය.
ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසා සිටියේ, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී නීතිපති දෙපාර්තුමේන්තුවට වඩා කාර්යක්ෂමව සේවා සැපයීම අරමුණු කරගනිමින් මෙම ආයතනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.
නීතිපතිවරයා, නීතිපති දෙපාර්තුමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා නීතීඥ සංගමයද එහිදී නියෝජනය වන බව නලින්ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.