Site icon Newshub

දේශබන්දු සොයා CID ය සාගලගේ මොරවක කාර්යාලය පීරයි !

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතාගේ මාතර, මොරවක පිහිටි කාර්යාලය පරීක්ෂා කර තිබෙන බව වාර්තා වේ.

දේශබන්දු තෙන්නකෝන් මහතාව දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති පසුබිමක මෙම පරීක්ෂාව සිදුකර තිබේ.

මේ අතර, තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, මෙම අත්අඩංගුවට ගැනීම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ බලපෑම් මත සිදුවන බවයි.

එබැවින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස එම රිට් පෙත්සම මගින් ඉල්ලා තිබේ.

තමාව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර අධිකරණ දී ඇති නියෝගය බල රහිත කරන ලෙස දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද(12) සලකා බැලූ අභියාචනාධිකරණය එහි තීන්දුව එළැඹෙන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව තීන්දු කර තිබේ

පොලීසිය, පොලිස්පතිව හිටපු පොලිස් ඇමතිගේ ගෙදර බැලුවේ නැද්ද? – නලින්දට උත්තර නැති වුන ප්‍රශ්නය

දේශබන්දු ප්‍රාතිහාර්ය පායි : පාර කියන මාලිමා අක්‍රීයයි !

Exit mobile version