Site icon Newshub

ජනාධිපතිගේ ආරක්ෂාව තර කෙරේ – විපක්ෂයත් ආරක්ෂාව ඉල්ලයි

රට තුළ මතුවී ඇති පාතාල ක්‍රියාකාරකම් හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරක්ෂාව වැඩිකර ඇති බව වාර්තා වෙයි.

අනිද්දා සතිඅග පුවත්පත මේ සම්බන්ධව වාර්තා කර ඇති අතර ඊට අනුව ජනාධිපතිවරයා වෙත ලබාදී තිබෙන විශේෂ කාර්‍ය බලකාය හෙවත් STF ආරක්ෂාව වැඩිකර ඇත.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද ඔවුන්ට හිමි ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා ඇති නමුත් මෙතෙක් ඒ සඳහා කටයුතු කර නොමැති බව මෙන්ම ඒ සම්බන්ධව ඉදිරියේදී කටයුතු යෙදීමට නියමිතව තිබෙන බවද එම පුවතේ සඳහන්ව තිබේ.

එහි වැඩිදුරටත් සඳහන් ආකාරයට පසුගිය ආණ්ඩු සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ලබාදී තිබේ. ඇමතිවරුන් සඳහා ඇමති ආරක්ෂක අංශය විසින් ආරක්ෂාව ලබාදී ඇති අතර විශේෂ ආරක්ෂාවක් අවශ්‍යව තිබූ ඇමතිවරුන් සඳහා හමුදාව සහ විශේෂ කාර්‍ය බලකාය යොදවා තිබී ඇත.

එමෙන්ම වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන් , නියෝජ්‍ය ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් මෙතෙක් එවැනි ආරක්ෂාවක් ගෙන නොමැති බවද එහි සඳහන් ය.

ආණ්ඩුවේ 159 ට ආරක්ෂයන් නෑ : පොලිස් ඇමති උජාරුවෙන් කියයි !

Exit mobile version