Site icon Newshub

ආණ්ඩුවේ 159 ට ආරක්ෂයන් නෑ : පොලිස් ඇමති උජාරුවෙන් කියයි !

විපක්ෂය ජාතික ආරක්ෂාව පිළිබඳව ඝෝෂාවක් කරන නමුත් තම ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් 159ක් ආරක්ෂාව නොමැතිව සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

කොටහේන ප්‍රදේශයේදී මෑතකදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ මරණ පිළිබඳව පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ද කැඳවා ඇති බවද ඔහු සඳහන් කරයි.

ඇමති ආනන්ද විජේපාල මේ බව සඳහන් කර සිටියේ කෑරගල පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (26) එක්වෙමිනි.

අත්අඩංගුවට පත්වන සැකකරුවන් සියලුදෙනාගේ ජීවිත මෙන්ම පොලිස් නිලධාරීන්ගේ ජීවිත ද ආරක්ෂා කිරීමේ වගකීමක් පවතින බවද අමාත්‍යවරයා මෙහෙදි පැවසීය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ද එම අවස්ථාවට එක්ව සිටියේය.

Exit mobile version