Site icon Newshub

2025 වසරේ ආර්ථික වර්ධනයේ අපේක්ෂාව 5% යි

2025 අයවැය ප්‍රකාශය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

අයවැය කතාව අරඹමින් ජනාධිපතිවරයා 2025 වන විට රජය 5% ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව කියා සිටියා.

ඊට අමතරව 2025 වසරේදී

– ආර්ථික ස්වෛරීභාවය සාක්ෂාත් කර ගැනීම ඉලක්කයයි.

– සාර්ථක ණය ප්‍රතිව්‍යුහගතකරණය හේතුවෙන් ණය ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු වී ඇත.

– ආර්ථික අර්බුදය තවමත් සම්පූර්ණයෙන්ම විසඳී නොමැත.ජීවන තත්ත්වය අඛණ්ඩව පහත වැටෙමින් පවතී.

– ජනතාවට සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා දිය යුතුයි.ආර්ථිකයට පුරවැසියන්ගේ සහභාගීත්වයට ඉඩ සැලසීමෙන් ඔවුන් නඟා සිටුවීමට අවස්ථා නිර්මාණය කළ යුතු බවද සඳහන් කළා.

අයවැය පුවත් සඳහා තවදුරටත් රැඳී සිටින්න

Exit mobile version