නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නිකුත් කළ වරෙන්තුව ආපසුකැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(10) නියෝග කොට තිබේ.
සැකකාරිය වරෙන්තු නිකුත් කොට ටික වේලාවකට පසු නීතීඥවරයකු මාර්ගයෙන් අධිකරණයේ පෙනී සිටීම හේතුවෙන් වරෙන්තු ආපසු කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කොට තිබේ.