උතුරු මැද පළාතේ වාර විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ වැඩ තහනම් කර තිබේ.
ඉදිරියේදී මෙවැනි අකටයුතුකම් සිදු නොවීමට ද සැලසුම් සකස් කරන බව උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සඳහන් කරන අතර මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කර ඇති බවත් පොලිස් විමර්ශන ද සිදුවෙමින් පවතින බවත් සඳහන් කර සිටියේය.
මේ සඳහා සම්බන්ධ සියලු ගුරුවරුන් සහ නිලධාරීන් පිළිබඳව ඉදිරියේදී හෙළිදරව් කරන බවත් වැරදි කර ඇති අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසයි.