පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්ව මෙතෙක් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින් 1040 දෙනකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
වියදම් වාර්තා ලබාදීමට දිගු කාලයක් ලබා දී තිබුණත් මෙතෙක් ඒ සම්බන්ධව ඔවුන් කිසිදු පියවරක් නොගත් නිසා මෙම තීරණය ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් පැවසීය.
මේ අය සම්බන්ධයෙන් සොයා බලා අදාළ පියවර ගන්නා ලෙස ඔවුන් පිළිබඳ සියලු තොරතුරු පොලීසියට භාරදී ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.