Site icon Newshub

ලොහාන් සහ බිරිඳ යළිත් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ ලබන 06 වැනිදා තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා අද(02) නියෝග කර තිබේ.

නීති විරෝධී ලෙස විදේශ රටකින් ඉතා සූක්ෂම ලෙස මෙරටට ගෙන්වා එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළ ව ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ පසුගියදා අත් අඩංගුවට ගත් අතර ඊට අදාලව ඔවුන් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම අධිකරණ නියෝගය ලබාදී තිබේ.

Exit mobile version