Site icon Newshub

රත්වත්තේ සහ බිරිඳ යළි රිමාන්ඩ්

නීති විරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ වන රශි ප්‍රභා යන අය ලබන දහ අට (18) වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගංගොඩවිල අධිකරණය අද 07 නියෝග කළේය.

රත්වත්තේ යුවළ භාවිතා කර ඇත්තේ එකලස් කරන ලද සුඛෝපභෝගී වාහනයක් බව මිරිහාන පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

එම චෝදනාව මත ලොහාන් රත්වත්තේ මහතා පසුගිය 30වෙනිදා සහ ඔහුගේ බිරිඳ නොවැම්බර් 04 වැනිදා අත්අඩංගුවට ගෙන තිබිණි

Exit mobile version