Site icon Newshub

මෙම මාසය තුළ දෙවැනි වරටත් සිදුකරන තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෙට දිනයේ රුපියල් මිලියන අසූපන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් නියමිතව තිබෙනවා.

එය මෙම මාසයේ දෙවන වරට සිදු කෙරෙන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය වනවා.

එහිදී දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 40,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 35,500 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 10,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.

ඒ සඳහා ගෙවීම් කිරීම ඔක්තෝම්බර් 11 දා සිදු කිරීමට නියමිතය.

Exit mobile version