Site icon Newshub

රනිල්ව දිනවන්න අද ලක්ෂ ගණනින් ගෙයින් ගෙට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සහතික කිරීම සදහා රට පුරාම ගෙයින් ගෙට යමින් දැනුවත් කිරීමේ වැඩසටහන අද දින ඇරඹුනා.

එකම දිනක, එකම වෙලාවට ඇරඹුන මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකාව පුරාම සාම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරමින් සිදුකිරීමට නියමිත බවත් ඒ සඳහා පුළුවන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල අනුමත කරන පිරිස් ලක්ෂ ගණනක් ස්වේච්ඡාවෙන් සහභාගී වී ඇති බවත් එහි සංවිධායකයින් සඳහන් කරනවා.

ආර්ථික අර්බුදයෙන් වැටුන රටක් යළි නගා සිටවූ නායකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් රටම පෙළ ගැසෙමින් සිටින බවත් ඒ සඳහා ජනතාව තව දුරටත් දැනුවත් කිරීමට මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කළ බව ඔවුන් පවසනවා.

Exit mobile version