Site icon Newshub

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම වගා ණය කපා හැරේ

ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ගොවි සංගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්, ගොවී ජනතාවට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇති බවද වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version