Site icon Newshub

රනිල් ජනපති කරන්න එජපය යෝජනා සම්මත කරයි

LIVE🔴 එක්සත් ජාතික පක්ෂ විශේෂ සමුළුව - සිරිකොත පක්ෂ මූලස්ථානයේ සිට සජීවීව...

ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂයකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහා සහය පළකිරීමට එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද(25දා) ඒකමතිකව තීරණය කළේය.

පක්ෂ මහලේකම් මහලේකම් රංගෙ බණ්ඩාර මහතා විසින් අදාළ යෝජනාව සම්මේලනයට ඉදිරිපත් කළ අතර පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා විසින් එම යෝජනාව ස්ථීර කළේය.

සම්මේලනයට පැමිණ සිටි පිරිස අත ඔසවා යෝජනාව ස්ථීර කළ අතර යෝජනාව ඒකමතිකව සම්මත විය.

 

 

Exit mobile version