Site icon Newshub

අනුරගේ මාසික ආදායම රනිල්ගේ මාසික ආදායමට වඩා වැඩියි – අපේක්ෂකයින්ගේ මාසික ආදායම් වාර්තා මෙන්න

ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දුන්නේ සිය නිල වෙබ් අඩවිය හරහා ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇති බවය.

ඒ අනුව අපේක්ෂකයින් ඉදිරිපත් කරන ලද ඔවුන්ගේ වත්කම් ප්‍රකාශ මත පදනම්ව ඔවුන්ගේ මාසික වැටුප් සහ දීමනා පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ.

Ceylon Exchange Mentoring ෆේස්බුක් පිටුවෙන් 

ඒ අනුව අවම මාසික ආදායමක් වාර්තා වනුයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වන අතර එහි ඉහලම අගයක් වාර්තා කර ඇත්තේ ව්‍යවසායක දිලිත් ජයවීර මහතායි.

අනුර කුමාර දිසානායක මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වඩා වැඩි මාසික ආදායමක් ලැබෙන අතර එය රුපියල් 256,802ක් වන අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ මාසික ආදායම වන්නේ රුපියල් 179,691ක් පමණයි.

Exit mobile version