Site icon Newshub

අනුරටවත් මටවත් හොරු අල්ලා හිරේ දාන්න බෑ” – ලාල්කාන්ත

අනුර සහෝදරයාටවත්, මටවත් හොරු අල්ලා හිරේ දැමීමට නොහැකි බව ජාතික ජනබලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

අද වනවිට හොරු සියල්ල එක පිලකට ඒකරාශී වී ඇතැයිද ඔහු කියා සිටියා.

රටේ නායකයින්ට චෝදනා තිබෙන බවත්, ඔවුන් විසින්ම නීතිය ක්‍රියාත්මක කරගෙන ඇතුළට යායුතු බවත් ඔහු කීවේය.

හතරවටින්ම සෙනඟ ගෙනාවත් අනෙකුත් පක්ෂ වලට රැස්වීම සංවිධානය කරනු ලබන ක්‍රීඩාංගණය පුරවා ගැනීමට නොහැකි බවත් ඔවුන්ගේ පක්ෂය වෙත ජනතාව නිරායාසයෙන්ම පැමිණෙන බවත් ඔහු මෙහිදී කියා සිටියා.

Exit mobile version