Site icon Newshub

ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාවට ජනපතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

ඉදිරි ජනාධිපතිවරණයේ ආරක්ෂාව සහ ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට ඇති තර්ජන තක්සේරු කිරීමට සහ ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සහතික කිරීමට කමිටුවක් පත් කිරීමට ඉන් යෝජනා කර තිබේ.

අදාළ කැබිනට් පත්‍රිකාවෙන් වැඩිදුරටත් යෝජනා කර ඇත්තේ මෙම ආරක්‍ෂක විධිවිධාන අධීක්‍ෂණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කිරීමටය.

Exit mobile version