Site icon Newshub

භාණ්ඩ 64කට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කරන්න කැබිනට් අනුමැතිය

2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අත්හිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එම පනත යටතේ බදු ක්‍රියාත්මක වීමේදී පැන නැගී ඇති ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 210ක් යටතේ වූ භාණ්ඩ වර්ග 64ක් ආනයනය කිරීමේදී තනි සංයුක්ත බද්ද අය කිරීම සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද හදුන්වා දී තිබිණි.

Exit mobile version