සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් ව්‍යාපාරිකයන්ගෙන් හෝ සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ගෙන් පරිත්‍යාග, වෙනත් මූල්‍ය ආධාර ලබාගෙන පොලිස් ස්ථාන තුළ සංග්‍රහ සංවිධානය නොකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලු පොලිස් නිලධාරීන් වෙත දැනුම් දී ඇත.
පොලිසියේ රාජකාරී කටයුතු කරන නිලධාරීන් කිසිම ආකාරයකින්වත් උසස් පොලිස් නිලධාරීන්ට ත්‍යාග ලබාදීම හෝ උසස් පොලිස් නිලධාරීන් එම ත්‍යාග ලබා ගැනීම වැඩ බලන පොලිස්පතිවරයා විසින් තහනම් කර ඇත.
පසුගිය කාලවල මේ ආකාරයට බාහිර පාර්ශ්වයන්ගෙන් හා සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ගෙන් මුදල් එකතු කර
සිදුකර ඇති ඇතැම් උත්සව වලදී සිදුවී ඇති ඇතැම් අකටයුතුකම් නවත්වා ගැනීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
මෙම උපදෙස් පිළිනොගන යම් පොලිස් නිලධාරියකු හෝ උසස් නිලධාරියකු කටයුතු කර ඇත්නම් ඔහුට එරෙහිව විනයානුකූලව දඬුවම් කරන බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලු පොලිස් ස්ථාන වෙත තවදුරටත් දැනුම් දී තිබේ.