Site icon Newshub

පළාත් පාලන ආයතන හයක ඡන්දය අතුරු තහනම්!

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන හයක ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධව ඉදිරි පියවර ගැනීම වලක්වාලමින් අභියාචනා අධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. අතුරු තහනම් නියෝගය බලපෑමක් ඇතිවන පළාත් පාලන ආයතන:

පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ඉදිරිපත් කළ රීට් වෙස්සම් විභාගයට ගැනීමට අවසර ලබාදෙමින් අභියාචනා අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව මෙම පෙස්සම් වලට අදාලව විරෝධතා තිබේ නම් මැයි මස 05 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙසත්
ප්‍රතිවිරෝධතා තිබේ නම් මැයි මස 07 වැනිදාට පෙර ගොනුකරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙස්සම්කාර පාර්ශ්ව වෙත නියෝග කර තිබේ.

පළාත් පාලන මැතිවරණයේ සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා අතරින් නාමයෝජනාපත්‍ර 425 ක් ප්‍රතික්ෂේප වූ අතර එලෙස ප්‍රතික්ෂේප වීම සම්බන්ධව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඇතැම් පළාත් පාලන ආයතන සඳහා ධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු විය.

ඒ අනුව දැනට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙන ආයතනවල ඡන්දය ලබන මස 6 වැනිදා පැවැත්වීමට ඉඩ නොලැබෙනු ඇති බව මේ සම්බන්ධව අප කළ විමසුමකදී මැතිවරණ කොමිෂන් සභාවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

Exit mobile version