Site icon Newshub

මාස 5කින් බැරි වුනාට පාතාලේ කොහොම හරි මර්ධනය කරනවා – මහජන ආරක්ෂක ඇමති

මාස පහකින් බැරි උනත් නියත වශයෙන්ම පාතාලය මර්ධනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

නීත්‍යානුකූල නොවන ලෙස හමුදා සේවය හැර ගිය ඇතැම් පිරිස් පාතාල ක්‍රියාකාරකම්වල යෙදී සිටින බව තහවුරු කර ගැනීමෙන් පසු හමුදාවෙන් පලා ගොස් සිටි 1700 ක් පමණක් පසුගිය මාස දෙක තුළ අත්අඩංගුවට ගත් බව ඒ මහතා අනාවරණය කළේය.

දේශපාලන සබඳතා මත කාලයක් තිස්සේ ගොඩනැගුන පාතාල ක්‍රියාකාරකම් මාස පහක් තුළ සම්පූර්ණයෙන්ම නැවැත් විය නොහැකි බව ඒ මහතා සඳහන් කළේය.

මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරු පැහැදැකීමෙන් අනතුරුව අද මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළ ආරක්ෂක අමාත්‍යවරයා පසුගිය මාස දෙකක කාලය තුළ රට තුළ නීති විරෝධී ආකාරයට භාවිත කළ ගිනි අවි 1000 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව පැවසීය.

පාතාලය මර්ධනය කිරීම සඳහා දැනට යොදවා සිටින ආරක්ෂක නිලධාරීන්ගේ සංඛ්‍යාව තවදුරටත් වැඩි කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ද ඒ මහතා පැවසීය.

Exit mobile version