Site icon Newshub

ආරක්ෂක ගිවිසුම ඉතිහාසයේ දරුණුතම පාවා දීමක් – චීනය දැනටමත් ප්‍රතිචාර දැක්වීම අරඹලා

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ අත්සන් කළ ආරක්ෂක ගිවිසුම ඉතිහාසයේ දරුණුතම පාවාදීමක් බවත් වසර හැත්තෑ ගණනක් තිස්සේ කිසිදු රටක් සමඟ මෙවැනි භයානක ආරක්ෂක ගිවිසුමකට එළඹ නැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

මෙම ගිවිසුම හේතුවෙන් චීනය වහාම ප්‍රතිචාර දැක්වීම මේ වන විට ආරම්භ කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද ( 06) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී තවදුරටත් පැවසීය.

මේ වන විට චීනය, බංගලාදේශය, පාකිස්තානය සහ නේපාලය එක්ව ආරක්ෂක ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව ඒ මහතා අනාවරණය කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුම අත්සන් කිරීමත් සමග චීනය විසින් ශ්‍රී ලංකාව ඉන්දු ඇමරිකා බල පාර්ශවීය රටක් ලෙස සැලකීම ආරම්භ කර ඇති බව පෙන්වා දෙන පුබුදු ජයගොඩ මහතා ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා නව ආරක්ෂක එකමුතුව ගොඩනැගීම ආරම්භ කර ඇති බව වැඩි දුරටත් පැවසීය.

Exit mobile version