Site icon Newshub

තීරුබදු ව්‍යුහය එක රැයකින් හැදුනේ නෑ පරණ ප්‍රතිපත්ති හා උපදෙස් වලින් හැදුන ව්‍යුහයක් – විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය ඇමති

තීරුබදු පැනවීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරනු ලැබ ඇති නිවේදනය එක්සත් ජනපදය සමග දිගුකාලීන ආර්ථික සබඳතා ඇති අප වැනි රටවලට ද ඇතුළුව ගෝලීය වෙළෙඳාමට නව පීඩනයක් එක් කර ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් ඔහු මේ බව පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ තීරුබදු ව්‍යුහය එක රැයකින් නිර්මාණය වූ දෙයක් නොවන බවත් එය අතීත ප්‍රතිපත්ති උපදෙස් මගින් හැඩගැසුණු ව්‍යුහයක් පිළිබිඹු කරන බවත්ය.

නමුත් රජයක් ලෙස අපි එය කල්පනාකාරීව ස්ථාවරව සහ ජනතාවගේ අභිලාෂයන් අනුව හදවතින් ම ආමන්ත්‍රණය කිරීමේ සම්පූර්ණ වගකීම භාර ගනිමු’ යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා එමගින් අවධාරණය කර තිබේ.

ඔහු ෆේස්බුක්හි පළ කර ඇති සම්පූර්ණ සටහන පහත පරිදි වේ

No description available.

 

Exit mobile version