Site icon
Newshub

නාමල්ගේ නීතිඥභාවය වංචනිකව ලබාගෙන තිබේද? සොයා අධිකරණයට කරුණු කියන්න CID යට නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තම නීතිඥ භාවය වංචනිකව ලබාගෙන තිබේද? යන්න සම්බන්ධව විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (03) නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් රාජපක්ෂ මහතාගේ නීතිඥ භාවය ලබා ගැනීම සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ අල්ලස් හෝ දූෂණ පිටුදැකීමේ පුරවැසි බලය විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවයි.

මේ අනුව නීති විද්‍යාලයේ ලේඛන පරීක්ෂා කරමින් තවදුරටත් විමර්ශන කටයුතු කරමින් සිටින බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබීය

Exit mobile version