Site icon Newshub

යළි සහල් ආනයනයට රජයේ සැලසුම්

සහල් ඇටයක් වත් යළිත් ආනයනය නොකරන බවට පුනරුද ආණ්ඩුවේ ඇමතිවරු ප්‍රකාශ කළ ද යළි සහල් ආනයනය කිරීමට රජය මේ වන විට සැලසුම් කර ඇත.

රට තුළ මේ වන විට සහල් මිල ඉහළ ගොස් තිබීම මෙන්ම සහල් හිඟයක් නිර්මාණය වෙමින් තිබීම හේතුවෙන් පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම සඳහා නැවත සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතා කමිටුව නිර්දේශ කර තිබේ.

කෘෂිකර්ම ඇමැති කේ. ඩී. ලාල්කාන්ත, වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ යන මහත්වරු සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව අතර සාකච්ඡාවට කිහිපයක් පසුගිය කාලය තුළ පැවැත්විණි.

මෙවර අපේක්ෂිත වී අස්වැන්න නොලැබීමත්, කුකුල් කෑම සඳහා සහල් යොදා ගැනීමත් වැනි හේතු නිසා සහල් හිඟය තවදුරටත් ඉදිරියේදී රට තුළ නිර්මාණය විය හැකි බව මෙහිදී නිලධාරීන් පෙන්වා දී ඇත.

ඒ අනුව පාරිභෝගික ජනතාවට හිගය කින් තොරව සහල් ලබාදීමට නම් නියත වශයෙන්ම සහල් ආනයනය කිරීම සිදු කළ යුතු බව වෙළෙඳ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

Exit mobile version