Site icon Newshub

ලංකාවේ සංචාරය පිළිබඳ මෝදිගෙන් X සටහනක් !

හෙට (04) සිට ආරම්භ කිරීම්ට නියමිත ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය පිළිබඳ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය  X ගිණුමේ සටහනක් තබා ඇත.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන්කර ඇත්තේ, ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ සාර්ථක ඉන්දීය සංචාරයෙන් පසුව මෙම සංචාරය සිදුවන බවත්, එහිදී බහුවිධ ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්වය සමාලෝචනය කර සහයෝගීතාවයේ නව මාර්ග සාකච්ඡා කිරීමට නියමිත බවත් ය.

එමෙන්ම සිය සංචාරය තුළ හමුවීම් කිහිපයකට සහභාගී වීමට නියමිත බවද එම X සටහනේ සඳහන් කර ඇත.

එසේම  ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සංචාරය අතරතුරදී අනුරාධපුරයට ගොස් ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමටත්, ඉන්දීය රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමටත් නියමිතව ඇති බව සඳහන් වේ.

මේ අතරබ්මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කළ නිවේදනයක සඳහන් වන්නේ නරේන්ද්‍ර මෝදි මහතා හෙට සිට අප්‍රේල් 06 වනදා දක්වා දෙදින නිල සංචාරයක නිරත වීමට නියමිත බවය

Exit mobile version