Site icon Newshub

ට්‍රම්ප්ගේ නව බද්ද ගැන රජයට නිර්දේශ දෙන්න ජනපතිගෙන් කමිටුවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද තීරු බදු හේතුවෙන් මතුවිය හැකි ගැටලු සම්බන්ධව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇත.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකු අධිපති, ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති ජේෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුළංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු, අෂ්රොෆ් ඕමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජි මෙම කමිටුවේ සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 44% බද්දක් පැනවීම හේතුවෙන් මතු විය හැකි ගැටලු සහ ඊට ලබා දිය හැකි විසඳුම් සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් වාර්තාවක් රජයට ඉදිරිපත් කිරීම කමිටුව වෙත පැවරී තිබේ.

Exit mobile version