Site icon Newshub

යල කන්නයේ පොහොර සහනාධාරය ලබාදීමට රජයට කිසිඳු සැලැස්මක් නෑ – තවම චක්‍රලේඛය නිකුත් කරලත් නෑ – ජාතික ගොවිජන එකමුතුව

යල කන්නයේ පොහොර සහනාධාරය ලබා දීම සඳහා කිසිදු සැලැස්මක් රජය මේ වනතෙක් සකස් කර නොමැති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.

එහි සභාපති අනුරාධ තෙන්නකොන් මහතා සඳහන් කළේ, ගොවීන් සිය වගා කටයුතු ආරම්භ කළ ද මේ වන විටත් පොහොර සහනාධාරය ලබා දීමට අදාළ මූලික කටයුතු පවා සිදුව නොමැති බවය.

මේ සම්බන්ධයෙන් ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ. බී. රෝහණ රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, පොහොර සහනාධාරය ලබා දීමට අදාළ චක්‍රලේඛය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරනු ඇති බවය.

“යල කන්නයේ පොහොර සහනාධාර ගොවීන් වෙත මුදාහැරීම මහ කන්නයට සාපේක්ෂව ඒ හා සමානවම ලබාදීමට නියමිතව තිබෙනවා. හෙක්ටයාරයකට රු 5,000 බැගින් පළමු අදියරයේ දී රු 15,000ක් සහ දෙවැනි අදියරට රු 10,000ක් වෙන්න. උපරිම හෙක්ටයාර 2ක් වෙන්න තමා ලබාදීමට නියමිත. තාම අපි ඒ සඳහා චක්‍රලේඛය නිකුත් කර නෑ. මම හිතන්නේ ඉදිරි දින දෙක තුන ඇතුළත එය සිදුවෙයි. ගොවීන් වෙත වෙනත් බෝග සඳහාත් අපි හෙක්ටයාරයකට රු 15,000ක් ලබාදීමට නියමිතයි.”

Exit mobile version