Site icon Newshub

මියන්මාරයට නාගානන්ද විශ්වවිද්‍යලයේ සහයෝගය (PHOTOS)

මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ සාකච්ඡාවක්, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ සහ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ සහ ශ්‍රී ලංකාවේ මියන්මාර (බුරුම) තානාපතිතුමියගේ සහභාගිත්වයෙන් ඊයේ (2025.04.01) කොළඹ 07, මල්පාරේ පිහිටි බුරුම තානාපති කාර්යාලයේදී පැවැත්විණි.

No description available.

No description available.

No description available.

එහිදී, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය වෙනුවෙන් උපකුලපති බෝදාගම චන්දිම නාහිමි විසින් විපතට පත් බුරුම ජනතාවට සහන සැලසීම සඳහා ඇමරිකානු ඩොලර් 10,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකළ අතර උන්වහන්සේගේ සම්බන්ධීකරණයෙන් ඊයේ (01) එරට බලායන චීන වෛද්‍යවරුන් 41 කණ්ඩායමට අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ද විශේෂ සාකච්ඡාවක් සිදු කෙරුණි.

බුරුමයේ භූ කම්පනයෙන් විපතට පත් වෙහෙර විහාරස්ථාන සංවර්ධනය පිළිබදව ද මෙහිදී අවධානය යොමු වූ අතර මෙම අවස්ථාවට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය වෙනුවෙන් එහි නියෝජිත පිරිසක් හා තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් සහභාගි විය.

Exit mobile version