Site icon Newshub

මෝටර් රථ වාහන සම්බන්ධයෙන් වන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කරයි !

මෝටර් රථ වාහන සම්බන්ධයෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන මෝටර් රථ වාහන සම්බන්ධයෙන් අදාළ සියලු සේවාවන් සඳහා 2025 අප්‍රේල් මස 15 වන දින සිට TIN (Taxpayer Identification Number) අංකය ඉදිරිපත් කිරීම ඒ අනුව අනිවාර්ය වෙයි.

ලියාපදිංචියේදී හෝ පැවරීමේදී (TIN) අංකය අනිවාර්ය වන්නේ ත්‍රිරෝද රථ, යතුරු පැදි, ට්‍රැක්ටර්, අත් ට්‍රැක්ටර් සහ ට්‍රැක්ටර් ටේලර් හැර අනෙකුත් වාහන සඳහා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන්කර සිටියි

No description available.

Exit mobile version