Site icon Newshub

ගුරුන්වත් අන්දවලා : වැටුප් වැඩිවීම 3000 -19000 අතර පමණයි !

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට අදාළව රාජ්‍ය පරිපාාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව ගුරුවරුන්ගේ සත්‍ය වැටුප් වැඩිවී ඇත්තේ රුපියල් 3000 සිට 19,000ක පරාසයක බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි.

ඔහු ප්‍රකාශ කරන්නේ මූලික වැටුපේ වැඩිවීමක් සිදුවී තිබුනද, එය සිදුවී ඇත්තේ මෙතෙක් රාජ්‍ය සේවකයන්ට ලැබුණ රුපියල් 7500ක දීමනා මූලික වැටුපට එකතු කිරීමෙන් බවයි.

සමස්ත රාජ්‍ය සේවකයින් රුපියල් 20,000ක වැටුප් වැඩි වීමක් සම්බන්ධයෙන් අරගල කළ බවත් එය මෙහිදී ඉටුවී නැති බවත් ස්ටාලින් මහතා පවසයි.

එමෙන්ම ඔහු පවසන්නේ ගුරු අරගලය වැටුප් විෂමතා ඉවත් කරන ලෙස කළ එකක් බවත්, ඒ අනුව ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් වී නැති බවත්ය. අයවැය යෝජනා සංශෝධනය කරමින් සෞඛ්‍ය සේවාවලට සහන ලබාදුන්නද එය ගුරු හා විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවූ බවද ස්ටාලින් මහතා අවධාරණය කරයි.

-anidda

Exit mobile version