Site icon Newshub

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2025 IPL තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කරයි!

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය ඊයේ(31) ලබාගැනීමට සමත් විය.

ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 8කින් ජය ගනිමිනි.

මුම්බායිහි වංකඩේ ක්‍රීඩාංගණයේදී පැවති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 2ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 116ක් පමණි.

ලකුණු 117ක පහසු ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 5ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී සිටියදි තරගය ජය ගැනීමට සමත් විය.

Exit mobile version