Site icon Newshub

ජපානයට ප්‍රබල භූ කම්පනයක් ඇතිවීමේ අවධානමක් !

ජපානයට ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ ප්‍රවණතාවයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම භූකම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 8-9 ත් අතර අගයක් ගත හැකි බවයි වාර්තා වන අතර එම භූකම්පනයෙන් ජීවිත 300,000ක් පමණ අහිමිවිය හැකි බවද එරට මාධ්‍ය වාර්තා පුරෝකථනය කර තිබේ.

භූකම්පනය ඇති වුවහොත් ජපානයට සූනාමි තත්ත්වයක්ද ඇති විය හැකි බවත් ගොඩනැගිලි සිය ගණනක් විනාශ විය හැකි බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

භූකම්පනය හේතුවෙන් ජපානයේ ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 1.81ක් පමණ අහිමි විය හැකි බවද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර තිබේ

Exit mobile version