Site icon Newshub

චාමර සම්පත් ලබන 08 දක්වා යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් ලබන 08 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කර තිබේ.

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල් පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑ තුනකට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් නොමැති බවට අල්ලස් කොමිසම විසින් කළ කරුණු දැක්වීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය මෙම නියෝගය ලබාදී තිබේ

Exit mobile version