Site icon Newshub

මැයි 6ට පසුව විදුලි ගාස්තුවත් ඉහළට!

එළැඹෙන මැයි 6 වනදාට පසුව විදුලි ගාස්තු වැඩි කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක පවසයි.

මෙසේ විදුලි ගාස්තු වැඩි කිරීමට හේතුව පසුගියදා රට පුරා විදුලිය බිඳ වැටීමෙන් සිදුවූ පාඩුව පියවා ගැනීමට බවත් එම විදුලිය බිඳවැටීමෙන් විදුලිබල මණ්ඩයට සිදුවූ අලාභය රුපියල් කෝටි 830 ක් පමණ වන බවත් ඒ මහතා කියා සිටියි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මේ බව සඳහන් කර සිටියේ හෝමාගම ගොඩගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

අදාළ විදුලි බිඳ වැටීම වඳුරෙකු නිසා සිදුවූ දෙයක් නොවන බව ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයේදී හෙළිදරව් වී ඇති බව ද එහිදී සඳහන් කළ ඒ මහතා කෙසේ වෙතත් එහි පාඩුව ජනතාවට ගෙවන්න සිදුවී ඇති බවද කියා සිටියේය.

Exit mobile version