Site icon Newshub

උත්සව සමයේ කොළඹට විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙලක්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂිත ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.

මේ සඳහා පොලිස් නිලධාරීන් 6000 ක් පමණ යෙදවීමට සැලසුම් කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

ඊට අමතරව යුද්ධ හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය, ආරක්ෂක කටයුතු සඳහා යෙදවීමට සැලසුම් කර ඇත.

හදිසි වැටලීම්, මාර්ග බාධක යොදවා පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු දියත් කරන අතර බුද්ධි අංශ නිලධාරීන් ද වැඩි ප්‍රමාණයක් යෙදවීමට පියවර ගෙන තිබේ.

Exit mobile version