Site icon Newshub

පණ ඇති නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයකු අවශ්‍ය කර තිබේ – වාහන ආනයනකරුවන්ගේ සංගමය

ජනාධිපතිවරයාට කාර්යබහුල නිසා ඔහු යටතේ පවතින මුදල් අමාත්‍යාංශයේ තීන්දු තීරණ සෘජුව ගැනීම සඳහා පණ ඇති නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයකු අවශ්‍ය කරන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රසාද් කුලතුංග පවසන්නේ මුදල් අමාත්‍ය ධුරයට අදාළ තීන්දු තීරණ ගැනීමේ දැඩි ප්‍රමාදයක් මේ වන විට පවතින බවයි.

පසුගිය දිනවලා වාහන ආනයනය සම්බන්ධව ගැටලු ගණනාවක් මතුවූ බවත් පණ ඇති මුදල් නියෝජ්‍ය ඇමතිවරයෙක් සිටියේ නම් එම ගැටළු කඩිනමින් විසඳා ගැනීමට හැකියාව තිබූ බව ඒ මහතා පෙන්වා දෙයි.

දිගින් දිගටම මුදල් අමාත්‍යාංශය ගනු ලබන තීන්දු තීරණවල ප්‍රමාදය නිසා වාහන ආනයනකරුවන් ගැටලු ගණනාවකට මුහුණපා සිටින බව ප්‍රසාද් කුලතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version