Site icon Newshub

පුංචි ඡන්දෙට අධිකරණ නියෝගයක්

නාමයෝජනා ප්‍රතික්ෂේප වූ පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීමට අදාළ කටයුතු ඉදිරියට කරගෙන යෑම හෙට (02) දිනය තෙක් අත්හිටුවන ලෙස අදාල තේරීම් බාර නිලධාරීන්ට දැනුම් දෙන ලෙස අභියාචනා අධිකරණය අද නියම කළාය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා ලබා දුන් පළාත් පාලන ආයතන 425 ක නාම යෝජනා පත්‍ර නිවැරදි පරිදි සම්පූර්ණ නොකිරීම ඇතුළු විවිධ හේතූන් නිසා ප්‍රතික්ෂේප විය.

නාමයෝජනාපත්‍ර ප්‍රතික්ෂේප වීම සම්බන්ධව අභියාචනා අධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර ඇති පළාත් පාලන ආයතන වලට අදාළව ඡන්ද විමසීම් කටයුතු මෙලෙස අත්හිටුවන ලෙස නියෝග කර තිබේ.

ඉදිරිපත්ව ඇති පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනා අධිකරණයේ වැඩ බලන සභාපති ලෆාර් තාහිර් සහ කේ .පී ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත්කර තිබේ.

නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වී තිබිණි

Exit mobile version