Site icon Newshub

හිටපු අමාත්‍යවරුන් භාවිත කළ බංගලා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල වෙත ලබාදීමට රජය සැලසුම් කරයි!

හිටපු අමාත්‍යවරුන්ගේ භාවිතයට තිබූ බංගලා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල වෙත ලබාදීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි. එම බංගලා රාජ්‍යතාන්ත්‍රික අරමුණු සඳහා භාවිතා කිරීමට සැලසුම් කර ඇති අතර, ඉතිරි වන බංගලා විශ්වවිද්‍යාල, විනිසුරු නිල නිවාස සහ අනිකුත් ආයතන වෙත ලබාදීමට රජය අවධානය යොමුකර ඇත.

මේ වන විට විවිධ ආයතන 30 ක් පමණ රජයට ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති අතර, විශ්වවිද්‍යාල නේවාසිකාගාර සහ විනිසුරුවරුන්ගේ නිල නිවාස සඳහාද මෙම බංගලා ලබාදීමට අවධානය යොමු වී ඇත. තවද, වත්මන් ඇමතිවරුන් මෙම බංගලා ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.

Exit mobile version