Site icon Newshub

හිටපු ජනාධිපති රනිල්ගේ නිවස ගිනි තැබීම : එරංග සැකකරුවකු නොවේ ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ නඩුවේ සැකකරුවෙකු ලෙස නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර නම් කර නැතැයි එම අමාත්‍යාංශය පවසයි.

2022 ජූලි 9 වන දින සිදුවීම සම්බන්ධයෙන් එරංග ගුණසේකර සැකකරුවෙකු ලෙස හඳුනාගෙන නොමැති බවත්, වරෙන්තුවක් නිකුත් කර නොමැති බවත් ඔහුගේ ප‍්‍රකාශකයෙකු පැවසුවේය.

මේ අතර අරගලයට සම්බන්ධ බව කියන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු ද නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර අදාළ සිදුවීමට සම්බන්ධ නැති බවට සිය ෆේස්බුක් ගිනුමේ සටහන් තබා තිබෙනුද නිරීක්ෂණය වෙයි.

Exit mobile version