Site icon Newshub

චොප්පේගේ පුතා කිත්සිරි අත්අඩංගුවට !

කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ (මරදානෙ චොප්පෙගෙ පුතා) පොලීසිය විසින් ඊයේ (28) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට දෙමටගොඩ කෙන්ට් පාරේ පිහිටි ඉඩමක් සම්බන්ධ ආරවුලක් ඇති කරගෙන, එම ඉඩමේ හිමිකරුට සහ දියණියට බැන මරණ තර්ජන කිරීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් කිත්සිරි රාජපක්ෂ අද (29) අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Exit mobile version