Site icon Newshub

ටී බී සරත් වැසිකිළියක් විවෘත කළ බව පැවසුණු ජායාරූප වසර 5ක් පැරණියි !

පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් විසින් වැසිකිළියක් විවෘත කළ බවට පළවන ප්‍රචාරය මීට වසර 5කට පමණ පෙර සිදුකරනු ලැබූවක් බව හෙළිවෙයි.

ඒ නියෝජ්‍ය අමාත්‍යවරයා ගේ මාධ්‍ය අංශය විසින් නිකුත්කළ නිවේදනයකය.

එහි සඳහන් කර ඇති ආකාරයට නියෝජ්‍ය ඇමති ටී. බී. සරත් මෑත කාලයේ වැසිකිළියක් විවෘත කර නැත. එම පළවන වාර්තා සහ තොරතුරු මීට වසර 05කට පමණ පෙර පොලොන්නරු ප්‍රදේශයේදී අමාත්‍යවරයා තරුණයන් සමග එකතුව සිදුකරන ලද සමාජ සත්කාරයක් ය.

ඒ අනුව අසරණ පවුලකට වැසිකිලියක් සාදා දෙන ලද බවත් ඒ සඳහා කිසිදු උත්සවයක් හෝ පවත්වා නොමැති බවත් එය ඉතිහාසයේ කළ සමාජ සුභ සාධන ක්‍රියාවක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version