Site icon Newshub

බහින්බස්වීම දුරදිග යාමෙන් යාපන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම දින නියමයක් නොමැතිව කල් යයි

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (ස්වාධීන) අර්චුනා රාමනාදන් සහා ජාතික ජන බලවේගයේ මන්ත්‍රී එස්. ඉලංකුමාරන් අතර ඇතිවූ බහින්බස්වීම පාලනය කරගත නොහැකිව ඊයේ (25) පැවැති යාපන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලංකුමාරන් මහතා රැස්වීමආරම්භයේදී වලිකාමම් ප්‍රදේශයේ විදුලිය ගැටළුවක් සම්බන්ධව දිගින් දිගටම අදහස් දක්වා තිබේ.

එම මන්ත්‍රීවරයා සභාවට බොරු කියන බවට චෝදනා කරමින් අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා නොනවත්වා කතා කිරීම නිසා සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය.

දෙදෙනා අතර ඇති වූ වාග් ප්‍රහාරයා එකම ගාලගෝට්ටියක් බවට පත්ව ගුටිබැට හුවමාරුව දක්වා වර්ධනය වීම එහි සිටි පිරිස එකම ගාලගෝට්ටියක් බවට පත්ව ගුටිබැට හුවමාරුව දක්වා වර්ධනය වීම එහි සිටි පිරිස දැඩි පරිශ්‍රමයකින් නවතාගෙන තිබේ.

මන්ත්‍රීවරු දෙදෙනාම නොනවත්වා එකිනෙකාට චෝදනා කර ගැනීම නිසා එහි සිදුවන කිසිවක් සභාවේ අනෙක් අයට ඇසෙන්නේ නැති නිසා එකිනෙකා සභාවෙන් නැගිට යෑමට පටන් ගෙනඇත.

තමිල් අරුසුකච්චි පක්ෂයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීදරන් මහතා සභාවෙන් පිටව යෑමත් සමඟ සභාව සන්සුන් කිරීමට නැගී සිටි ධීවර ඇමති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතාට එය පාලනය කර ගත නොහැකිව දිනනියමයක් නොමැතිව රැස්වීම කල් දැමීමට සිදුවිය.

Exit mobile version