Site icon Newshub

හිටපු රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන් හිරේ !

හිටපු රාජ්‍ය අමාත්‍ය එස් වියාලෙන්ද්‍රන් එළැඹෙන අප්‍රේල් 01වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ බන්ධනාගාර ගතකර තිබේ.

වාර්තා වන ආකාරයට අල්ලස් මුදලක් ගැනීමට අනුබලදීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට එම කොමිසම විසින් පියවර ගෙන ඇති අතර එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එළැඹෙන 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Exit mobile version