Site icon Newshub

පැපුවා නිව්ගිනියා රාජ්‍ය තුළ facebook අවහිර කරයි !

පැපුවා නිව්ගිනියා රාජ්‍යය ෆේස්බුක් සමාජ මාධ්‍ය අවහිර කර තිබෙන බව වාර්තා වේ.

වෛරී ප්‍රකාශ, අසත්‍ය තොරතුරු සහ අසභ්‍ය වීඩියෝ දර්ශන සංසරණය වීම හේතුවෙන් පැපුවා නිව්ගිනියාව මෙසේ ෆේස්බුක් වෙත ප්‍රවේශය අවහිර කර තිබෙන බවත් පෙරේදා සිට මෙම තහනම ආරම්භ වූ බවත් එරට වාර්තා සඳහන් කර තිබේ.

මෙම හදිසි තහනම එරට විපක්ෂ මන්ත්‍රීවරුන් සහ දේශපාලන විචාරකයින්ගේ විවේචනයට ලක්ව තිබෙන අතර ඔවුන් පෙන්වා දෙන්නේ එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි.

කෙසේ වෙතත් එරට ආරක්ෂක අමාත්‍ය පීටර් සියාමාලිලි පවසන්නේ තම රජය නිදහස් භාෂණය මර්දනය කිරීමට උත්සාහ නොකරන බවයි

Exit mobile version