Site icon Newshub

IGP දේශබන්දුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් !

බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර තිබේ.

ඒ අනුව විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීම අද (25) දහවල් 12.15ට පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් නිකුත්කර තිබියදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට දින20ක් පමණ ගතවූ අතර එහිදී අදාළ ප්‍රමාදය ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයන් සහ දේශබන්දු තෙන්නකෝන් ගේ දේශපාලන හිතවත්කම මත සිදුවන්නක් බවට බරපතළ චෝදනාවක් එල්ල විය.

කෙසේ වෙතත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ අතර ඔහු අධිකරණය වෙත බාරවීමෙන් පසුව අප්‍රේල් 03 වනදා දක්වා බන්ධනාගාර ගතකර ඇත.

Exit mobile version