Site icon Newshub

දේශබන්දු අගුණුකොලපැලැස්සෙන් දුම්බර බන්ධනාගාරයට මාරු කරයි !

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ(20) රාත්‍රියේ දුම්බර බන්ධනාගාරයට මාරුකර යවා ඇතැයි වාර්තා වේ.

පෙරේදා අධිකරණයට බාරවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු පොලිස්පතිවරයා ඊයේ දක්වා රඳවා තබනු ලැ⁣බුවේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේය. ඊයේ දිනයේ ඔහුව යළි මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුව ලබන මස 3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කෙරිණ.

මේ අතර 2023 වසරේදී වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ඇතුළු සෙසු සැකකරුවන් 06 දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණයේ කැඳවීමට නියමිත බවද වාර්තා වෙයි

Exit mobile version