Site icon Newshub

වැලිකන්ද හිටපු OIC අත්අඩංගුවට ගැනීමට නියෝග !

වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොළොන්නරුව මහෙස්ත්‍රාත් පොලීසියට නියෝග කඑ තිබේ.

ඒ වැලිකන්ද පොලීසිය විසින් මීට මාස කිහිපයකට පෙර ගවයින් 20 දෙනෙකු සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම ගවයන් රජයේ ගොවිපොළකට භාරදීමට නියෝග කර තිබියදීත්, නැවත ජාවාරම්කරුවන් දෙදෙනාටම විකිණීමේ සිද්ධියකට අදාළවයි.

අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධ වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට විරුද්ධව නිර්නාමික පෙත්සමක් මගින් පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයාට කරුණු දැක්වීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයාද පෞද්ගලිකව ඒ පිළිබඳ සොයා බලා ඇති බව වාර්තා වෙයි. ඒ අනුව එහි විමර්ශන කටයුතු සිදුකරන ලෙසට පොලිස්පතිවරයාට සහ උතුරු මැද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට මහෙස්ත්‍රාත්වරයා විසින් භාරදී තිබේ.

Exit mobile version