Site icon Newshub

ආණ්ඩුව තවදුරටත් අපහසුතාවයට පත් නොකර දේශබන්දු පොලීසියට බාර වෙයි!

පොලිස්පති ධුරයේ රාජකාරී අත්හිටුවා ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (19) භාරවී ඇති බව වාර්තා වේ.

ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා වරෙන්තු නිකුත් කර තිබුණි.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම ද අභියාචනාධිකරණය මගින් ප්‍රතික්ෂේප කළ අතර ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබුණි.

මෙවැනි තත්ත්වයක් යටතේ ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක දකුණු පළාත් සහ බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් හමුව තිබූ අතර එහිදී පාතාල කල්ලි ඇතුළු අපරාධ මැඩීමට උපරිමයෙන් කැපවන ලෙස උපදෙස් නිකුත්කර තිබිණ

දේශබන්දු ගැන අහපු ප්‍රශ්නයට ඇමති නලින්ද හිරවෙයි !

Exit mobile version