Site icon Newshub

මන්ත්‍රී අර්චුනාට වාරණයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තුවේ සිදු කරන ප්‍රකාශ සජීවී ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවී විකාශ කිරීම තාවකාලිකව අත්හිටුවන බව කතානායකවරයා අද(19) දැනුම් දුන්නේය.

ඒ, මන්ත්‍රීවරයා සිදු කරන ජාතික සමගියට හා සංහිඳියාවට හානි වන සහ අවමන් සහගත ප්‍රකාශ පිලිබඳ සැලකිල්ලට ගනිමිනි. ඊට අමතරව, අර්චුනා මන්ත්‍රීවරයා සිදු කරන අවස්ථානුකූල ලෙස අවමන් සහගත ප්‍රකාශ, අශෝභන හා පහත් ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවලින් ද ඉවත් කරන බව කතානායකවරයා ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව හෙට(20) සිට මැයි 08 දක්වා වූ දින 08 තුළ අර්චුනා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ අත්හිටුවීම ක්‍රියාත්මක වේ.

එම කාලය තුළ මන්ත්‍රීවරයාගේ හැසිරීම අනුව, මෙම තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සිදු කරනවා ද නැද්ද යන්න සලකා බලන බවද කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Exit mobile version